ශ්‍රී ලංකාවේ ගංවතුර සහන කටයුතු සඳහා චීන ආධාර භාරදීමේ උත්සවය ඊයේ (05) ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය එක්ව පවත්වන ලදී.
ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා එහිදී පෙන්වා දුන්නේ, ගංවතුර ආපදා තත්ත්වයෙන් පසු චීනය වහාම ශ්‍රී ලංකාවට ඇ.ඩො. බිලියනයක හදිසි මුදල් ආධාර ලබා දී ඇති බවයි. ඉන් පසුව ශ්‍රී ලංකාවේ අවශ්‍යතා අනුව චීනය තවත් යුවාන් මිලියන 10 ක් වටිනා අතිරේක ද්‍රව්‍යමය ආධාර ලබා දුන්නේ ය. එමගින් චීන ජනතාව ශ්‍රී ලාංකිකයින් කෙරෙහි දිගුකලක සිට දක්වන මිත්‍රශීලී බව මෙන්ම, ශ්‍රී ලංකාවේ නව රජයට චීනය දක්වන ස්ථිර සහයෝගය පිළිබිඹු වන බව, Qi Zhenhong මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා චීනයේ ත්‍යාගශීලී සහාය සඳහා සිය අවංක කෘතඥතාව පළ කළේ ය. එමෙන්ම චීනය සමඟ ඇති හවුල්කාරිත්වය ශ්‍රී ලංකාව අගය කරන බව ද ඔහු එහි දී අවධාරණය කළේ ය.