චීනයේ ආයෝජනය කිරීම ආයෝජකයින්ට ඉතා අඩු අවදානමක් ගෙන දෙන බව ජර්මානු පාර්ලිමේන්තුවේ හිටපු උප කථානායක Hans-Peter Friedrich මහතා අවධාරණය කරයි.
චීනයේ පැවති දෙවැනි චීන-ජර්මානු (චීන-යුරෝපා) සැඟවුණු ශූරයන්ගේ සංසදය අතරතුර මාධ්‍ය හමුවකට එක් වෙමින් එතුමා මේ බව පැවසීය.
යුරෝපීය “සැඟවුණු ශූරයන්”ලෙස හැඳින්වෙන ප්‍රකට ව්‍යවසායන් 150 කට වැඩි පිරිසක්, මෙම වසරේ දෙවැනි චීන-ජර්මානු (චීන-යුරෝපා) සැඟවුණු ශූරයන්ගේ සංසදයට සහභාගී වීම සඳහා පසුගියදා චීනයට පැමිණි අතර, එය පසුගිය වසරේ සහභාගීත්වය මෙන් දෙගුණයකි.
“සැඟවුණු ශූරයන්” ලෙස හැඳින්වෙන ලොව සමස්ත ව්‍යාපාරික සමාගම් 2734 අතරින් අඩක් පමණ යුරෝපය නියෝජනය කරනු ලබයි. චීනය සුපිරි-විශාල වෙළඳපොළක් ලෙස ඔවුහු සලකති.

චීනයේ ස්ථාපිත කර තිබෙන ජර්මනියේ m-techGmbH සමාගමේ ශාඛාව, එහි ගෝලීය ව්‍යාපාර ජාලයෙන් 20% කි. එසේම Wilo වැනි ජර්මානු සමාගම් ඔවුන්ගේ පර්යේෂණ සහ සංවර්ධන ආයෝජනය චීනයේ දී දෙගුණ කිරීමට සැලසුම් කර ඇත. චීනය සහ ජර්මනිය, සිය යාන්ත්‍රික නිෂ්පාදන හා ඩිජිටල් නවෝත්පාදන ක්ෂේත්‍රයන් හි බෙහෙවින් සමපාත වූ තත්ත්වයන් පෙන්නුම් කරන අතර නවීන කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිෂ්පාදිත රථවාහන වැනි නැගී එන සහයෝගීතාවන් සම්බන්ධයෙන් දෙරටෙහිම පුළුල් අපේක්ෂාවන් ඇත.
හිටපු යුරෝපා සංගම් නිලධාරියෙකු පවසන්නේ, මෙම සංසදය පැවැත්වීම “අනාගත සහයෝගීතාව” ප්‍රකට කිරීමක් බවයි. තවද යුරෝපීය සමාගම් ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමට චීනය ප්‍රධාන වේදිකාවක් බවත් ඔහු සඳහන් කළේය.