පසුගිය දා ජිනීවා හිදී තීරු බදු සම්බන්ධව ඇමරිකාව චීනය සමග සාකච්ඡා පවත්වමින් නව එකඟතාවකට පැමිණිය ද චීනයේ චිප නිෂ්පාදනය ඉලක්ක කර ඇමරිකාව නව තහංචියක් නිකුත් කර ඇත. අපනයන පාලනයට බාධාවක් යන ව්‍යාජ හේතුව මත ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුව චීන චිප නිෂ්පාදනය වෙනුවෙන් නව රෙගුලාසි පනවමින් HUAWEI සමාගමේ Ascend චිප ඇතුළු චීනයේ නිෂ්පාදිත පරිගණක චිප ගෝලීය වශයෙන් තහනමට ලක් කර තිබේ. මෙය විද්‍යා අධිතාක්ෂණ ක්ෂේත්‍රයේ චීනය පෙරමුණගෙන සිටීම පිළිබඳ දැඩි කණස්සල්ලෙන් පසු වන ඇමරිකාව සිය විද්‍යා තාක්ෂණික ආධිපත්‍යය පවත්වා ගැනීමේ ඒකපාර්ශ්වික දාමරික ක්‍රියාවකි. මෙවන් ක්‍රියාව ගෝලීය අර්ධ සන්නායක කර්මාන්තයට ද දැඩි හානියක් සිදු කරන්නකි.
චිප නිෂ්පාදන කර්මාන්තය විෂය ක්ෂේත්‍ර 50කට වැඩි සංඛ්‍යාවක් හා නිෂ්පාදන ක්‍රියාවලීන් දහස් ගණනක් සමග සම්බන්ධ බැවින් එය විශාල වශයෙන් ගෝලීය සහයෝගිතාව මත රඳා පවතී. ඇමරිකාව චිප නිෂ්පාදනය සම්බන්ධයෙන් විටින් විට අපනයන පාලන පියවර ගැනීම හේතුවෙන් ගෝලීය චිප නිෂ්පාදන හා සැපයුම් ජාලයට බාධා එල්ල වී ඇත. ඇමරිකානු ව්‍යවසායන් හා පාරිභෝගිකයන්ට ද එයින් අපහසුතාවන් ඇති වී තිබේ.
කුමන අයුරකින් හා කෙතරම් බාධා කළ ද ඇමරිකාවට චීනයේ වේගවත් වන විද්‍යා තාක්ෂණ සංවර්ධනය වැළැක්විය නොහැකි ය. 2024 වසරේ චීනයේ ඒකාබද්ධ පරිපථයන්හි අපනයන අගය ඇමරිකානු ඩොලර් බිලියන 159.55කි. එය 2023 වසරේ අදාළ කාලයට සාපේක්ෂව 17.4%ක වර්ධනයක් වාර්තා කරයි. එසේ ම විද්‍යා තාක්ෂණ පර්යේෂණ සඳහා චීනය එම වසරේ චීන යුවාන් ට්‍රිලියන 3.6ක ආයෝජනයක් සිදු කළේ ය. එම ආයෝජනය ලොව දෙවන ස්ථානය බවට පත්ව තිබේ. චීනය මර්දනය කිරීම වෙනුවට චීනය සමග සහයෝගිතාව පැවැත්වීම ඇමරිකාවේ නිවැරදි තේරීම විය යුතු ය. ඒ, වෙළඳ ක්ෂේත්‍රයේ හෝ වේවා විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ හෝ වේවා චීනය ඉදිරියට යන ගමන කිසිවෙකුට නවත්වා ගත නොහැකි නිසාවෙනි.