චීනයේ ඉහළ මට්ටමේ විවෘතභාවය උදෙසා බටහිර චීන ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ කාර්යභාරය අවධාරණය කෙරේ

චීනයේ ඉහළ මට්ටමේ විවෘතභාවය සඳහා බටහිර චීන ජාත්‍යන්තර ප්‍රදර්ශනය විශේෂ කාර්යභාරයක් ඉටු කර ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි. එහි ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(27) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී, මේ දිනවල නිරිතදිග චීනයේ Chengdu නගරයේ පැවැත්වෙන 20 වැනි බටහිර චීන ජාත්‍යන්තර ප්‍රදර්ශනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව පැවසුවාය.

මෙම වසර, බටහිර චීන ජාත්‍යන්තර ප්‍රදර්ශනය ස්ථාපිත කිරීමේ 25 වැනි සංවත්සරය මෙන් ම චීනයේ බටහිර ප්‍රදේශ සංවර්ධනය යන උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමේ 25 වැනි සංවත්සරය සනිටුහන් කරන බව ඇය කියා සිටියාය. බටහිර ප්‍රදේශවල වෙළඳාම, ආයෝජන හා විවෘතභාවය තහවුරු කිරීම වෙනුවෙන් එම ප්‍රදර්ශනය ඉහළ කාර්යභාරයක් ඉටු කර ඇත. මෙවර ප්‍රදර්ශනය අවස්ථාවක් කර ගනිමින් විවිධ රටවල මිතුරන් සමග එක්ව පුළුල් ලෙස සහයෝගිතා පැවැත්වීමට චීනය සූදානම් බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.