නවතම සංඛ්‍යාලේඛනයකට අනුව පසුගිය 31 වනදා වනවිට චීනයේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ සංවිධාන හා ආයතන ලක්ෂ 19ක් පමණ තිබේ.
ඉන් සියයට 57ක් අග්නිදිග චීනයේ වෙරළබඩ ප්‍රදේශයේ පිහිටා තිබේ. ඒ අතරින් Guangdong පළාතේ ඇති එම ආයතන සංඛ්‍යාව ලක්ෂ 2.8කි.
එය චීනයේ සමස්ත ප්‍රමාණයෙන් සියයට 14.7ක් ගනී. විද්‍යා හා තාක්ෂණ, තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍රවල කෘත්‍රිම බුද්ධි සංවිධාන වෙන් වෙන්ව ලක්ෂ 5.5ක් තිබේ.
එය සමස්ත ප්‍රමාණයෙන් සියයට 60කි. නිෂ්පාදන ක්ෂේත්‍රයේ සමාගම් 60 දහසක් කෘත්‍රිම බුද්ධි පරිවර්තනය ළඟා කර ගැනීමට සමත්ව ඇත.