චීනයේ කෘෂිකර්මාන්තයට හා ග්‍රාමීය සංවර්ධනයට නව ප්‍රගතියක්

2024 වසරේ චීනයේ ග්‍රාමීය ජනතාවගේ ඒක පුද්ගල ආදායම යුවාන් 23,000 ඉක්මවා ඇතැයි වාර්තා වෙයි. එම වසරේ ධාන්‍ය නිමැවුම ප්‍රථම වරට කිලෝග්‍රෑම් බිලියන 700 ඉක්මවා තිබීම ද විශේෂත්වයකි. මෙම අගය, 2020 වසරට සාපේක්ෂව කිලෝග්‍රෑම් බිලියන 37ක වර්ධනයක් පෙන්නුම් කෙරෙන අතර, ඒක පුද්ගල ධාන්‍ය වත්කම කිලෝග්‍රෑම් 500කට ළඟා වීම ද කැපී පෙනේ.

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය අද(16) පැවති ‘14 වන පස්අවුරුදු’(2021-2025) සමයේ කෘෂිකර්මාන්ත හා ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධනය පිළිබඳ මාධ්‍ය හමුවේදී අදාළ නිලධාරීන් මේ බව දැනුවත් කර තිබේ.

ග්‍රාමීය ප්‍රදේශ ජනතාවගේ ජීවන පරිසරය, එහි අධ්‍යාපනය, වෛද්‍ය සේවා, වැඩිහිටි සුරැකුම් සේවා ඇතුළු පොදු සේවා සැපයීමේ මට්ටම් අඛණ්ඩ ව ඉහළ යමින් තිබෙන බව ද එහිදී විග්‍රහ කෙරිණ.