එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය ඊයේ (08) ස්විට්සර්ලන්තයේ ජිනීවා හි Palais des Nations හිදී පැවැත්විණ. ඊට සමගාමීව “බෙයිජිං + 30” නම් ඉහළ මට්ටමේ අනුස්මරණ උත්සවයක් එහිදී පැවැත්විණ. රටවල් 100කට වැඩි ගණනක නිත්‍ය නියෝජිතයින් හෝ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් එම අනුස්මරණ උත්සවයට සහභාගී විය.
මෙම වසර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 80 වන සංවත්සරය මෙන්ම ලෝක ෆැසිස්‍ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය ද සනිටුහන් කරන බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත තානාපති Chen Xu මහතා මෙහිදී පැවසීය. මෙම අවස්ථාවේදී, චීනය ගෝලීය පාලන මුලපිරුම ඉදිරිපත් කර ඇති බවත්, එය ජාත්‍යන්තර පිළිවෙල වඩාත් සාධාරණ දිශානතියක් කරා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් බවත් ඔහු පැවසීය. සියලුම පාර්ශවයන් සැබෑ බහුපාර්ශ්විකත්වයට අනුගත විය යුතු බවත්, කාන්තා අයිතිවාසිකම් ඵලදායී ලෙස ආරක්ෂා කළ යුතු බවත්, සංවර්ධනය තුළින් කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කළ යුතු බවත් ඔහු පැවසීය.
මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී චීනය බෙයිජිංහිදී ගෝලීය කාන්තා සමුළුව පවත්වන බව Chen Xu මහතා පෙන්වා දුන්නේය. ගෝලීය කාන්තා ප්‍රජාවගේ සෞඛ්‍ය සම්පන්න සංවර්ධනය ප්‍රවර්ධනය වෙනුවෙන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීම සඳහා සියලු පාර්ශවයන් සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.