චීනයේ ගෝලීය මුලපිරීම් මාලාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අංගසම්පූර්ණයෙන්ම අනුකූල වන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් António Guterres මහතා ඊයේ(16) ප්‍රකාශ කළේය. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ එදින පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.
චීනය විසින් ඉදිරිපත් කරන ලද ගෝලීය මුලපිරීම් මාලාව, බහුපාර්ශ්විකත්වය අගය කරමින් බහුපාර්ශ්වික ආයතනයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ස්ථානයට සම්පූර්ණයෙන්ම සහාය දැක්වීමක් බව ද Guterres මහතා එහිදී පෙන්වා දුන්නේය. මෙය ජාත්‍යන්තර සහයෝගීතාව පුළුල් කරමින් අර්බුද සාමකාමීව නිරාකරණය කිරීම සඳහා ස්ථාවරව කැපවීමක් බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.