විවිධ කැලඹිලි සහ සංකීර්ණතා මධ්‍යයේ සිදු වන අනපේක්ෂිත හාගැඹුරු වෙනස්කම් හරහා ජාත්‍යන්තර ප්‍රජාවට ගමන් කිරීමට සිදුව ඇති වත්මන් ලෝකය තුළ, චීනයේ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම එම කැලඹිලි සහිත ලෝකයකට ස්ථාවරත්වයක් ගෙන එන බව නවතම ගෝලීය මත විමසුමකින් හෙළි වේ. නව යුගයේ ජාත්යන්තරසන්නිවේදන පර්යේෂණ ආයතනය හරහා CGTN නාලිකාව සහචීනයේ රෙන්මින් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව සිදු කරන ලද එම සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වීමට ලොව රටවල් 41කින් 12,302 දෙදෙනෙකු එක්ව තිබේ.
අදාළ මත විමසුමට අනුව පෙනී යන්නේ, චීනය විසින් යෝජනා කරනලද ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම පිළිබඳව ධනාත්මකව අදහස් දැක්වීමට ප්‍රතිචාර දැක්වූවන් බහුතරය පියවර ගෙන ඇති බවයි. එහිදී ඔවුන් දන්වා ඇත්තේ, ශිෂ්ටාචාරයන්හි විවිධත්වයට ගරු කිරීමසහ මනුෂ්‍යත්වයේ පොදු වටිනාකම් ප්‍රවර්ධනය වැනි මුලපිරීමේමූලික සංකල්ප, වත්මන් ජාත්‍යන්තර තත්ත්වය තුළ වඩාත්ප්රායෝගිකව වැදගත් වන බව විශ්වාස කරන බවය.
ශිෂ්ටාචාරයන්හි විවිධත්වයට ගරු කිරීම ජාත්‍යන්තර ප්රජාවඅනුගමනය කළ යුතු මූලික මූලධර්මයක් බව සමීක්ෂණයේදී ප්රතිචාරදැක්වූවන්ගෙන් 90.8%ක පිරිසක් පවසා ඇත.
එමෙන්ම 77.2%ක පිරිසකගේ විශ්වාසය වන්නේ, කිසිදුශිෂ්ටාචාරයක් තවත් ශිෂ්ටාචාරයකට වඩා උසස් නොවන බවයි. සියලු ශිෂ්ටාචාර වෙත සමානව සැලකිය යුතු බව 87.7%ක පිරිසක් පවසා ඇති අතර, ඒ අතරින් අප්‍රිකානු සහ දකුණු ඇමරිකානු කලාපීයප්රතිචාර දැක්වූවන් සියලු ශිෂ්ටාචාරවල සමානාත්මතාවය පිළිබඳප්රබල පිළිගැනීමක් පෙන්නුම් කිරීම කැපී පෙනෙන්නකි.
තවද, චීනය සැමවිටම විශ්වාස කරන්නා වූ සාමය, සංවර්ධනය, සාධාරණත්වය, යුක්තිය, ප්රජාතන්ත්රවාදය සහ නිදහස සියලුජනතාවගේ පොදු අභිලාෂයන්ය යන මතය බෙහෙවින් පිළිගන්නා බව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 91.8%ක පිරිසක් දන්වා තිබේ. එමෙන්ම දෘෂ්ටිවාදාත්මක පක්ෂග්‍රාහීත්වය පසෙකලා ශිෂ්ටාචාරයන්හිවිවිධත්වයට ගරු කරන ලෙස 81%ක පිරිසක් ලොව සෙසු රටවලින්ඉල්ලා ඇත. එහිදී කිසිදු රටක් තම වටිනාකම් අන් අය මත පැටවියයුතු නැති බව 88.1%ක පිරිසක් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම සමීක්ෂණයේදී, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 87.4%ක පිරිසක්විශ්වාස කරනුයේ ශිෂ්ටාචාර අතර සංවාදය මගින් ජාත්යන්තරගැටුම් ඵලදායී ලෙස අඩු කර ලෝක සාමය ප්‍රවර්ධනය කළ හැකිබවයි. එම මතය දැරූවන් අතර අප්‍රිකානු සහ දකුණු ඇමරිකානුප්රතිචාර දැක්වූවන් පිළිවෙළින් 93.5% ක් සහ 91.6%ක් වේ.
මාර්ගගත මත විමසුමක් ලෙස සිදු කළ මෙම සමීක්ෂණය ලොව ප්‍රධාන සංවර්ධිත රටවල් සහ ගෝලීය දකුණේ නියෝජිත රටවල්ආවරණය කරමින් පවත්වන ලද්දකි.