චීනයේ තවත් ප්‍රදේශ 09ක් සඳහා ‘ජාත්‍යන්තර තෙත්බිම් නගරය’ අනුමැතිය

චීනයේ තවත් ප්‍රදේශ 09කට ‘ජාත්‍යන්තර තෙත්බිම් නගරය’ සඳහා අනුමැතිය හිමි වෙයි. මේ සමග ම, ‘ජාත්‍යන්තර තෙත්බිම් නගරය’ට හිමිකම් කියන චීන නගර සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගිය අතර, මෙය ලොව පුරා අඛණ්ඩ ව පෙරමුණේ සිටී.

චීනයේ Shanghai නගරයේ Chongming දිස්ත්‍රික්කය, Zhejiang පළාතේ Hangzhou නගරය, Xizang ස්වායත්තයේ Lhasa නගරය ඇතුළු ප්‍රදේශ 09ක්, ඊයේ(24) තෙත් බිම් පිළිබඳ Ramsar සම්මුතියට එක්වූ පාර්ශ්වයන්ගේ 15වැනි සමුළුවේ (COP15) දී එම විරූදාවලියෙන් පිදුම් ලැබීය. සමුළුව සිම්බාබ්වේ රාජ්‍යයේ නිකේත නගරයක් වන Victoria Falls හි දී ආරම්භ විය.

එම සම්මුතිය විසින් ‘ජාත්‍යන්තර තෙත්බිම් නගරය’ ලෙස පිළිගනු ලැබීම, නාගරික තෙත්බිම් ජෛව සංරක්ෂණයට වැදගත් ප්‍රගතියක් පිළිබිඹු කරන බව චීන ජාතික වන විද්‍යා හා තණබිම් පරිපාලනය පවසයි. තෙත්බිම් සම්පත් පොහොසත් වීම පමණක් නොව, එහි තෙත්බිම් ජෛව පද්ධතිය හා ජෛව විවිධත්වය ප්‍රශස්ත ලෙස සංරක්ෂණය කරනු ලැබීම ද එමගින් පිළිබිඹු කෙරේ.