චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාපයේ සේනාංකය ඒකාබද්ධ යුද අභ්‍යාස හා විවිධ පුහුණුවීම් සාර්ථක ව නිම කරයි. අප්‍රේල් මස 01 සහ 02 යන දෙදිනයන්හි චීන මහජන විමුක්ති හමුදාවේ අදාළ සේනාංකය චීනයේ තායිවාන දූපත වටා එම ඒකාබද්ධ අභ්‍යාස හා පුහුණුවීම් පැවැත්වීය. චීන මහජන විමුක්ති හමුදාවේ ඒකාබද්ධ සටන් කිරීමේ හැකියාව එමගින් පූර්ණ වශයෙන් පරීක්ෂාවට ලක් කෙරිණ. තායිවාන බෙදුම්වාදීන්ගේ සියලු ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුධ කලාපයේ සේනාංකය සැමවිටම සෝදිසියෙන් සිටින බව එම සේනාංකය පවසයි.