චීනයේ දුම්රිය මෙහෙයුම් දුර ප්‍රමාණය කිලෝමීටර 165,000 දක්වා ළඟා වී ඇත.
චීනයේ 14 වන පස් අවුරුදු සැලසුම් කාලය (2021-2025) තුළ, දුම්රිය මෙහෙයුම් දුර ප්‍රමාණය කිලෝමීටර 146,300 සිට කිලෝමීටර 165,000 දක්වා වැඩි වී ඇති අතර එය 12.8% ක වර්ධනයක් බව අදාළ දත්ත මගින් පෙන්නුම් කෙරේ. මේ අතර, අධිවේගී දුම්රිය මෙහෙයුම් දුර කිලෝමීටර 37,900 සිට කිලෝමීටර 50,400 දක්වා වැඩි වී ඇති අතර එය 32.98% ක වර්ධනයකි. මේ වන විට ලොව විශාලතම සහ වඩාත්ම දියුණු අධිවේගී දුම්රිය ජාලය චීනය ගොඩනගා ඇත.
2025 දී චීනයේ දුම්රිය ස්ථාවර වත්කම් ආයෝජනය චීන යුවාන් බිලියන 901.5 ක් වූ අතර, එය 2024 වසරට වඩා 6% ක වැඩිවීමකි. කිලෝමීටර් 3,109 ක නව මාර්ග ඉදි කිරීමද සිදුව ඇත.
15 වන පස් අවුරුදු සැලසුම් කාලය (2026-2030) තුළදී චීනයේ දුම්රිය ජාල ඉදිකිරීම් තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. 2030 වන විට දුම්රිය මෙහෙයුම් දුර ප්‍රමාණය කිලෝමීටර් 180,000 කට පමණ ළඟාකර ගැනීමට චීනය සැලසුම් කරයි. ඊට කිලෝමීටර් 60,000 ක් පමණ අධිවේගී දුම්රිය මාර්ග ප්‍රමාණයක් ද අයත් වනු ඇත.