චීනයේ දුරස්ථම අක්වෙරළ සුළං බල ව්‍යාපෘතිය වන ‘තුන් දොරු ව්‍යාපෘතියේ (the Three Gorges Project )Jiangsu Dafeng 800 මෙගාවොට් අක්වෙරළ සුළං බල ව්‍යාපෘතිය’, සම්පූර්ණයෙන්ම විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම අද(15) සිදු කෙරේ. එම ව්‍යාපෘතිය සුළං ටර්බයින ඒකක 98කින්, අක්වෙරළ අනුපොළ 3කින් සහ සමුද්‍රීය ගලවා ගැනීමේ වේදිකාවකින් සමන්විතය.
මෙම ව්‍යාපෘතිය මගින් වාර්ෂිකව කිලෝවොට් පැය බිලියන 2.8කට වඩා වැඩි විදුලිය ජනනය කෙරෙන අතර එය පවුල් මිලියන 1.4ක දෛනික විදුලි අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් වන බව වාර්තාව වේ. මෙය සම්මත ගල් අඟුරු ටොන් ලක්ෂ 8.6ක් පමණ ඉතිරි කර ගැනීමට සහ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් මිලියන 2.37කින් පමණ අඩු කිරීමට සමානය. එම ව්‍යාපෘතිය යැංසි ගංගා ඩෙල්ටා කලාපයේ බලශක්ති සැපයුම සහ හරිත, අඩු කාබන් සංවර්ධනය සඳහා පිරිසිදු බලශක්ති ප්‍රවාහයක් අඛණ්ඩව ලබා දෙනු ඇත.