චීනයේ නව බලශක්ති වාහන වෙළඳපොළ විනිවිද යාමේ අනුපාතය වාර්තාගත ඉහළ අගයක

චීන යන්ත්‍රෝපකරණ කර්මාන්ත සංගමයට අනුව, මෙම වසරේ මුල් භාගයේ දී, රට තුළ නව කාර්මිකකරණය සහ කාර්මික පරිවර්තනය වැඩිදියුණු කිරීමේ අරමුණින්, යන්ත්‍රෝපකරණ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වේගවත් කර ඇත. එහිදී නව ගම්‍යතාවකින් සහ නව වාසිදායක තත්ත්වයන් අඛණ්ඩව වර්ධනය වෙමින් ගුණාත්මක සංවර්ධනය ධනාත්මක ප්‍රතිඵල අත්කර ගෙන තිබේ.

හරිත පරිවර්තනයට අදාළව ද, මෙම වසරේ මුල් භාගයේදී, නව බලශක්ති රථවාහනවල වෙළඳපොළ විනිවිද යාමේ අනුපාතය 44.3% දක්වා ළඟා වූ අතර, එය එම කාල සීමාවේ නව වාර්තාගත ඉහළ අගයක් පිහිටුවීමකි. සුළං විදුලිබල නිෂ්පාදන යාන්ත්‍රණයේ වර්ධන වේගය ද 70% කට වඩා වැඩි වූ අතර, එය සමස්ත විදුලි ජනන යන්ත්‍ර කට්ටල නිෂ්පාදනයෙන් අඩකට වඩා වැඩි වීමක් වේ. එමෙන්ම නව විදුලිබල උත්පාදන ධාරිතාවෙන්, සුළං බලයේ සහ ප්‍රකාශ වෝල්ටීයතා විදුලිබලයේ උත්පාදන ධාරිතාව 89.9% ක් පමණ වේ.