චීනයේ පළමු ටොන් 7ක ස්ථාවර පියාපත් සහිත ප්‍රවාහන ඩ්‍රෝන යානාවේ මංගල පියසැරිය සාර්ථකයි

චීනයේ පළමු ටොන් 7ක ස්ථාවර පියාපත් සහිත ප්‍රවාහන ඩ්‍රෝන යානාව වන Changying-8 හී ( NORINCO LUCA) මංගල පියසැරිය අද(31) පෙරවරුවේ චීනයේ Zhengzhou නගරයේ Shangjie ගුවන් තොටුපළේදී සාර්ථකව සිදු කෙරිණ.

එම භාණ්ඩ ප්‍රවාහන ඩ්‍රෝන යානාව චීනයේ Norinco සමූහයට අයත් Changying ඩ්‍රෝන යානා තාක්ෂණ සමාගම විසින් ස්වයං ලෙස පර්යේෂණ කර නිපදවා තිබේ. 

” බර ගුවන් ට්‍රක් රථය” ලෙසින් හැඳින්වන එම ඩ්‍රෝන යානාව චීනයේ සැබෑ පරීක්ෂණය සමත් වූ පළමු ටොන් 7ක බර මට්ටමේ භාණ්ඩ බෙදාහැරීමේ වේදිකාවකි. චීනය ඉහළ මට්ටමේ බුද්ධිමත් ගුවන් සේවා භාණ්ඩ ප්‍රවාහන උපකරණ ක්ෂේත්‍රයේ කේන්ද්‍රීය ස්වාධීන තාක්ෂණයන්හි වැදගත් ජයග්‍රහණයක් දිනා ගැනීම එම ඩ්‍රෝන යානාව මගින් සනිටුහන් කෙරේ.

ඝන මීටර් 18 ක විශාල භාණ්ඩ ගබඩාවක් සහිත එම ඩ්‍රෝන යානාව ගුවන්ගත කිරීමේ බර ටොන් 7 කි. එම ඩ්‍රෝන යානාවට උපරිම වශයෙන් භාණ්ඩ ටොන් 3.5 ක බරක් රැගෙන ගමන් කළ හැකි අතර එය සාම්ප්‍රදායික භාණ්ඩ, නැවුම් සීතල දාම සැපයුම් සහ හදිසි උපකරණ වැනි විවිධ අවශ්‍යතාවන් සපුරාලීමේ  හැකියාවෙන් යුතුය. යානය‍‍ට ගමන් කළ හැකි උපරිම දුර ප්‍රමාණය කිලෝමීටර් 3,000 කට අධිකය.දුරස්ථ භාණ්ඩ ප්‍රවාහන, හදිසි ආපදා ද්‍රව්‍ය බෙදාහැරීම, අන්තර් දේශසීමා භාණ්ඩ සැපයීම, සංකීර්ණ භූ කලාප මෙහෙයුම් යන ක්ෂේත්‍රවල එම ඩ්‍රෝනා යානාව භාවිත කිරීමේ හැකියාව පැවතී. එම Changying-8 ( NORINCO LUCA) ඩ්‍රෝන යානාව පහළ උන්නතාංශ ආර්ථික සංවර්ධය මෙන්ම හදිසි ආපදා සේවා සහතික කිරීමේ පද්ධතිය ගොඩනැගීම සඳහා යාන්ත්‍රික අනුබලයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරේ.