චීනයේ බදු ආපසු ගෙවීම් භුක්ති විඳින පුද්ගලයින් සංඛ්‍යාව පෙර වසරට වඩා 186% කින් ඉහළට

“14 වන පස් අවුරුදු සැලැස්ම ගුණාත්මකව සම්පූර්ණ කිරීම” යන මැයෙන් සංවිධාන කළ මාධ්‍ය හමුවක්, චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ දී අද (28)‍ පෙරවරුවේ පැවැත්විණ.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය තුළ චීනයේ බදු රහිත වෙළඳසැල් සංඛ්‍යාව 7,200 කට වඩා වැඩි වී තිබේ. චීන රාජ්‍ය බදු පරිපාලනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Wang Daoshu මහතා මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව හඳුන්වා දුන්නේය. බදු ආපසු ගෙවීම් භුක්ති විඳින පුද්ගලයින් සංඛ්‍යාව වසරින් වසර 186% කින් වැඩි වූ අතර, බදු ආපසු ගෙවිය යුතු භාණ්ඩවල අලෙවි ප්‍රමාණය සහ බදු ආපසු ගෙවීමේ ප්‍රමාණය වසරින් වසර පිළිවෙලින් 94.6% කින් සහ 93.2% කින් වැඩි විය. විදේශීය සංචාරකයින් අතර “චීනයේ සංචාරය කිරීමේ” ජනප්‍රියතාවය අඛණ්ඩව වැඩි වී තිබීම එමගින් පිළිබිඹු කෙරෙන බව ද Wang Daoshu මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.