චීනයේ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ප්‍රචාරක වීඩියෝව භාෂා 5කින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රදර්ශනය කෙරේ

චීනයේ වසන්ත උත්සවය උදා වීම නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා කාර්යාලයේදී සමරු උත්සවයක් පැවැත්වෙයි. ඉකුත් 10 වනදා පැවති එම උත්සවයේදී, චීන මාධ්‍ය සමූහය සංවිධානය කරන ලද වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ප්‍රචාරක වීඩියෝවේ ඉංග්‍රිසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි හා රුසියානු භාෂා පරිවර්ථන විසුරුවා හැර තිබේ. එක්සත් ජාතීන්ගේ නිල භාෂා 5හෙන් නිෂ්පාදනය කෙරුණු මෙම වීඩියෝ එකවර එහිදී ප්‍රදර්ශනය කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා කාර්යාලයේ හා ස්විට්සර්ලන්තයේ පිහිටි සෙසු ජාත්‍යන්තර සංවිධානවල චීන නිත්‍ය නියෝජිත Jia Guide, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් Tatiana Valovaya ඇතුළු මහත්ම මහත්මීහු 600ක පමණ පිරිසක් ඊට එක්ව සිටියහ.

චීනයේ වසන්ත උත්සවය, චීන ශිෂ්ටාචාරය මෙන්ම චීන ජනතාවට අනන්‍ය වූ සුවිශේෂී සංස්කෘතිය සඳහා වන සබැඳියාව පෙන්නුම් කරන්නක් බවත්, පවුල් එකතුව, සමගිය සහ සහජීවනය මනාව පෙන්නුම් කිරීමක් බවත් චීන නිත්‍ය නියෝජිත Jia Guide මහතා එහිදී පැවසීය.