2025 වසරේදී චීනයේ වායු දූෂණයෙන් තොර පැහැබර කාලගුණයක් පැවති දින සංඛ්‍යාවෙහි අනුපාතය 89.3%කට ළඟා වෙයි.
චීනය තුළ වායු දූෂණය අධීක්ෂණය කිරීම ආරම්භයේ සිට මේ දක්වා පැහැබර කාලගුණයක් වාර්තා වූ ඉහළම මට්ටම මෙය බව චීන ජෛව පරිසර පිළිබඳ අමාත්‍ය Huang Runqiu මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (12) දින විවෘත කෙරුණු 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වැනි සැසිවාරය වෙනුවෙන් ඇමතිවරුන් සමඟ සාකච්ඡා කිරීමේ තුන්වන පරිශ්‍රයේදීය.
චීනයේ 14 වන පස් අවුරුදු (2020-2025) සැලසුම් කාලය තුළ, රට පුරා දැඩි දූෂිත කාලගුණයක් පැවති දින සංඛ්‍යාව 25%කින් අවම කර ඇතැයි ද ඔහු එහිදී පෙන්වා දුන්නේය.