නව වසර උදාවත් සමග චීනයේ විදේශ ආයෝජකයන් නව මුහුණුවරකින් සිය කටයුතු ආරම්භ කර ඇත. ඒ බව මනාව පෙන්නුම් කරමින් චීනයේ විශාලතම අධිවේගවත් ආරෝපණ ජාලයක් ගොඩ නැගීම සඳහා චීනයේ Xpeng Motors සමාගම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව ඉකුත් 6වැනි දා ජර්මානු Volkswagen මෝටර් රථ සමූහය ප්‍රකාශ කළේ ය. එමෙන්ම ජර්මානු BMW සමූහය ද චීනයේ ක්‍රියාත්මක හවුල් ව්‍යාපාරයක් යටතේ BMW Brilliance යන සන්නාමයේ නව මාදිලියක් ඉකුත් 7වැනි දා නිල වශයෙන් නිෂ්පාදනය ඇරඹීය. එම නව මාදිලියේ මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කළේ චීන පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා පූර්ණ වශයෙන් සලකා බැලීමෙන් පසුව බවත්, ඒ හරහා චීන වෙළඳපොලට වඩාත් සමීප වීමට අධිෂ්ඨානයෙන් සිටින බවත්, BMW සමූහය ප්‍රකාශ කර තිබේ. ශැංහයි නුවර ස්ථාපිත කර ඇති Tesla සමාගමේ සුපිරි බලශක්ති ගබඩා කර්මාන්ත ශාලාවේ ඉදි කිරීම් ද පසුගිය දා අවසන් කෙරිණ. මේ වසර ආරම්භයේ නිෂ්පාදන කටයුතු අරඹන එම කර්මාන්ත ශාලාවට වාර්ෂිකව චීන හා ගෝලීය වෙළඳපොළ වෙනුවෙන් අති විශාල වාණිජ බලශක්ති ගබඩා බැටරි දසදහසක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බව Tesla සමාගම පවසයි. මේ අතර ප්‍රංශයේ පුමුඛ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන Sanofi සමාගම බෙයිජිං නගරයේ නව නිෂ්පාදන කඳවුරක් පිහිටුවන බව ප්‍රකාශ කර ඇත. එය Sanofi සමාගම චීනයේ මෙතෙක් සිදු කළ විශාලතම ආයෝජනය බව වාර්තා වෙයි.
නව වසර ආරම්භයත් සමඟ චීනයේ විදේශ ආයෝජකයන්ගේ මෙම සක්‍රීය දායකත්වය, තාක්ෂණික වශයෙන් මෙන් ම කාර්මික සමතුලිතතාව අතින් ද චීනය සතු ගෝලීය ආකර්ෂණය කෙතරම් ද යන්න, මැනවින් පිළිබිඹු කරන්නකි. චීනයේ දැවැන්ත වෙළඳපොල සතු ජවසම්පන්නභාවය, සංවර්ධනයට ප්‍රබල ගාමක බලයකි. තවද චීනය නව ගුණාත්මක ඵලදායීතාව වේගවත් කරමින් කර්මාන්ත සංවර්ධනය සුහුරුකරණය හා හරිතකරණයට ලක් කිරීම, විදේශ සමාගම් චීනය තුළ ආයෝජන අවස්ථා වැඩි කිරීමට ද මූලික වී ඇත. දැවැන්ත වෙළඳපොල, පූර්ණ වෙළඳපොල ක්‍රියකාරීත්වය, කාර්මික ජාල සහ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් මානව සම්පත ඇතුළු කරුණු සලකා බැලීමේදී චීනය, පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ සමාගම් වෙත ප්‍රබල පිටුබලයක් සපයා දී ඇතැයි යන්න විශ්ලේෂක මතයයි.
විදෙස් ආයෝජකයන් නිකුත් කළ 2025 වසරේ ගෝලීය ආයෝජන දැක්මෙහි චීනයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. බ්‍රිතාන්‍යයේ හා ජර්මනියේ චීන වාණිජ සංගම් මෑතකදී වෙන් වෙන්ව වාර්තා නිකුත් කරමින් කියා සිටියේ, බ්‍රිතාන්‍යයේ සමාගම්වලින් 76%ක් සහ ජර්මනියේ සමාගම්වලින් 92%ක් මේ වසරේ චීනය තුළ සිය ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යනු ඇති බවයි. එමෙන්ම චීනයේ සිය ආයෝජන අවස්ථා තවත් පුළුල් කරනු ඇති බවට එම බ්‍රිතාන්‍ය සමාගම් කැමැත්ත පළ කර තිබේ. ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් සම්මානලාභී Michael Spence මහතා කී පරිදි, චීනය “ආදේශ කළ නොහැකි ”ය .