චීනයේ සයිබර් අවකාශ කළමනාකරණය සඳහා දිගුකාලීන යාන්ත්‍රණයක් පැවතීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ

චීනයේ සයිබර් අවකාශ කළමනාකරණය සඳහා දිගුකාලීන යාන්ත්‍රණයක් පූර්ණ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජිකයෝ ඊයේ (28) පස්වරුවේ සයිබර් අවකාශ කළමනාකරණය පිළිබඳ වැඩමුළුවකට එක් වූහ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම වැඩමුළුවේදී චීන දේශපාලන හා නීති විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෂේ චියෙන් ත්සොං මහතා අදාළ කරුණු පහදා දෙමින් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළේ ය. දේශපාලන කාර්යාංශ සාමාජිකයන් ඊට සවන් දෙමින් සාකච්ඡා පැවැත්වීමෙන් පසු ෂී ජින් පිං ජනාධිපතිවරයා දේශනයක් සිදු කළේ ය.

සයිබර් අවකාශ කළමනාකරණය රාජ්‍ය පරිපාලනයෙහි වැදගත් කොටසක් බැවින් රජය සැමවිටම එම කාර්යය වැදගත් කොට සලකන බව හෙතෙම එහිදී කියා සිටියේය. සයිබර් අවකාශ කළමනාකරණය දැවැන්ත ව්‍යාපෘතියකි. ඒ වෙනුවෙන් විවිධ පාර්ශ්වයන් එක්සත් කරමින් අධ්‍යාපන, පරිපාලන හා නීතිමය ක්‍රමවේද යොදා ගැනීමට අවශ්‍ය වේ. සයිබර් අවකාශ කළමනාකරණය කිරීමේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය නොවෙනස්ව පවත්වා ගෙන යා යුතු බව චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි. වර්තමානයේ AI තාක්ෂණය වැනි අධි විද්‍යා තාක්ෂණ අඛණ්ඩව මතුවීම හේතුවෙන් සයිබර් අවකාශ කළමනාකරණයට අභියෝග මෙන් ම නව අවස්ථා ද ගෙන දී ඇතැයි හෙතෙම පවසයි. එසේ ම චීනය සෙසු රටවල් සමග එක්ව සයිබර් අවකාශ කළමනාකරණය සම්බන්ධව සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.