චීන-ඇමරිකානු සහයෝගීතාවය දෙරට ජනතාවගේ මූලික අවශ්‍යතාවලට අනුකූල වන අතර ජාත්‍යන්තර ප්‍රජාවේ අපේක්ෂාවන්ට ද අනුකූල වන බව චීන වාණිජ අමාත්‍ය Wang Wentao මහතා පවසයි. හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (6) පැවති 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයේ චීන ආර්ථිකය පිළිබඳ මාධ්‍ය හමුවකදී ය.
Fentanyl යන බලගතු වේදනා නාශකය පදනම් කොට ඇමරිකාව චීනයට අතිරේක තීරුබදු පැනවීම සත්‍ය අසත්‍ය ව්‍යාකූල කිරීමට හේතු වන බව Wang Wentao මහතා පැවසීය. ඇමරිකාවේ වෙළඳ සහ ආයෝජන සීමා කිරීමේ පියවර ඒකපාර්ශ්වික සහ බාධා කිරීමක් බව ඔහු කියා සිටියේය. චීනය සහ ඇමරිකාව සාර්ථකත්වය අත්කර ගැනීම එකිනෙකාට තර්ජනයක් නොව අවස්ථාවක් බව Wang Wentao මහතා පෙන්වා දී ඇත.