චීනයේ ස්මාර්ට් ඩ්‍රැගන්-3 රොකට්ටුව මුහුදේ සිට චන්ද්‍රිකා දියත් කරයි

චීනයේ ස්මාර්ට් ඩ්‍රැගන්-3 රොකට්ටුව ආධාරයෙන්, ඊයේ (22) Shandong පළාතේදීඅභ්‍යවකාශගත කෙරුණු CentiSpace 02 චන්ද්‍රිකා සමූහය, සැලසුම් කළ පරිදි සාර්ථකව කක්ෂ ගත කර ඇත.

බෙයිජිං වේලාවෙන් රාත්‍රී 11.49ට Haiyang නගරය අසල සාගර කලාපයෙන් එම රොකට්ටුව දියත් කෙරිණ. තායියුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය මුහුදේ සිට මෙහෙයුම ක්‍රියාත්මක කළේය.