චීනයේ සුළං බලශක්තියෙන් විදුලි උත්පාදන ධාරිතාව පසුගිය වසර 15 තුළ අඛණ්ඩ ව ලෝකයේ පෙරමුණ ගෙන ඇත. ඒ සමඟින් වාර්ෂික විදුලි උත්පාදනය කි.වො. දහකෝටියකින් පමණ වර්ධනය කෙරෙන නව යුගයක් වෙත චීනය පිවිසෙමින් සිටින බව චීන විදුලිබල කවුන්සිලය ඊයේ (20) නිවේදනය කළේය.
2035 වසර වන විට, චීනයේ සුළං හා සූර්ය බලශක්ති භාවිතයෙන් විදුලි උත්පාදනයන් හි සමස්ත ධාරිතාව 2020 වසරේ පැවති අගයට සාපේක්ෂව හය ගුණයකින් වර්ධනය වනු ඇති අතර, එය කි.වො. බිලියන 3.6ක ධාරිතාව ද ඉක්මවා යාමට චීනය තවදුරටත් උත්සාහ ගනු ඇති බව ද පැවසේ.