චීනයේ හයිනන් නිදහස් වෙළඳ වරාය ඉහළ ප්‍රමිතියෙන් යුතුව ගොඩනැගීමට චීන ජනපතිගෙන් නියෝගයක්

චීනයේ හයිනාන් නිදහස් වෙළඳ වරාය බිහිකිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගන්නා ලද වැදගත් තීරණයක් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ, අද(6) හයිනන් පළාතේ ස්අන්යා නගරයේ පැවති හයිනන් නිදහස් වෙළඳ වරාය පිළිබඳ සමුළුවේදී අදාළ කාර්ය වාර්තාවට සවන් දෙමිනි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ නායකත්වයෙන්, එම වරාය ඉදිකිරීමේ අරමුණ අංගසම්පූර්ණයෙන්ම සාක්ෂාත් කර ගත යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.