චීනයේ හොංකොං හි කටයුතු සඳහා මැදිහත් වීම වහාම නතර කරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ කටයුතුවලට මැදිහත් වීම වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද (28) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. 

පසුගිය 26 වනදා ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ මන්ත්‍රීන් දෙදෙනෙකු විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද යෝජනා කෙටුම්පතකට අනුව, චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ජාතිකාරක්ෂණ නීතිය හා මූලික නීතියේ 23 වන වගන්තිය හොංකොං වැසියන්ගේ මූලික අයිතිවාසිකම් විනාශ කරන අතර ඇමරිකානු ව්‍යවසායන් හොංකොංහි පවතින සිය ව්‍යාපාරික කටයුතු යළි තක්සේරු කළ යුතු ය. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් Lin Jian මහතා ප්‍රකාශ කළේ චීනය ඊට දැඩි ලෙස විරෝධය පළ කරන බවය.

හොංකොං ජාතිකාරක්ෂක නීතිය ස්ථිර ලෙස ක්‍රියාත්මක කරන හොංකොං විශේෂ පරිපාලන කලාපය, රටේ ආරක්ෂාවට හානිකර වූ අපරාධ ක්‍රියාවන් සඳහා නිත්‍යානුකූලව පහර දීම, අවිවාදාත්මක යුක්තිසහගත ක්‍රියාවකි. චීන ස්වාධිපත්‍යය අගය කරමින් ජාත්‍යන්තර නීති මූලධර්මය හා ජාත්‍යන්තර සබඳතාවේ මූලික ප්‍රමිතීන් අනුගමනය කරන ලෙසත්  හොංකොං විශේෂ පරිපාලන කලාපීය කටයුතුවලට මැදිහත් වීම වහාම නතර කරන ලෙසත් චීනය ඇමරිකාවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද Lin Jian මහතා පැවසීය.