චීනයේ ‘15 වන පස් අවුරුදු සැලසුම්’ ග්‍රන්ථය හා ‘රාජ්‍ය කාර්ය වාර්තාව’ නිකුත් කෙරේ

පසුගියදා පැවති 14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරයේ දී සම්මත කෙරුණු ‘චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා වූ 15 වන පස් අවුරුදු සැලසුම්’ හි සාරාංශගත ග්‍රන්ථය නිකුත් කෙරේ. චීන මහජන ප්‍රකාශන ආයතනය විසින් එය ප්‍රකාශයට පත් කර රට පුරා බෙදා හරිනු ලැබීය.

එම ග්‍රන්ථය මගින්, චීනයේ උපායමාර්ගික දිශානතිය සහ රජයේ ප්‍රධාන කාර්යයන් පෙන්වා දී ඇත. මෙය, වසර 2026ත් 2030ත් අතර කාලය තුළ චීනය සමාජවාදී නවීකරණයෙන් යුත් රටක් ලෙසට ගොඩනැංවීම සඳහා වන දැවැන්ත මාර්ගෝපදේශයක් වීම ද කැපී පෙනේනකි.

මේ අතර, ඉකුත් 05 වනදා පැවති 14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරයේ සමාරම්භක සම්මේලනයේදී අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ඉදිරිපත් කළ ‘රාජ්‍ය කාර්ය වාර්තාව’නම් ග්‍රන්ථය හා ඊට අදාළ ඡායාරූප සහිත සංස්කරණය ද මහජන ප්‍රකාශන ආයතනය විසින් නිකුත් කර බෙදා හරිනු ලැබීය.