චීනයේ Hainan පළාතේ දකුණු කලාපයේ පිහිටි Hainan වාණිජ අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානය ඊයේ(30) රාත්‍රී සිය පළමු මෙහෙයුම දියත් කර තිබේ.
එහිදී Hainan වාණිජ අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් නව වාහක රොකට්ටුවක් සාර්ථකව අභ්‍යවකාශයට යවන ලදී.
Long March-12 නම් මෙම වාහක රොකට්ටුව හරහා පර්යේෂණාත්මක චන්ද්‍රිකා දෙකක් ඔවුන්ගේ සැලසුම්ගත කක්ෂයට යවන ලද බව සඳහන් වේ.
Hainan වාණිජ අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානය විසින් සිදු කළ මෙම පළමු දියත් කිරීමේ මෙහෙයුම, Long March-12 වාහක රොකට්ටුවේ මංගල පියාසැරිය ද විය.