චීනයේ Huangyan දූපත ආසන්න මුහුදේ පෙරළී යාමෙන් පසුගිය 13 වැනිදා අනතුරකට ලක්වුණු විදේශීය භාණ්ඩ ප්රවාහන නෞකාවෙහි කාර්ය මණ්ඩල සාමාජිකයින් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක බව චීන වෙරළාරක්ෂක බලකාය පවසයි. මේ වනවිට එහි සිටි පුද්ගලයින් 17 දෙනෙකුගේ ජීවිත බේරාගෙන ඇතත්, දෙදෙනෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු අතුරුදහන්ව ඇති බව වාර්තා වේ.
පිලිපීනයේ සෝදිසි සහ ගලවා ගැනීමේ යාත්රාවන්හි ඉල්ලීම පරිදි, අද (25) පස්වරු 14:43ට,චීන වෙරළාරක්ෂක බලකාය සහ පිලිපීන වෙරළාරක්ෂක බලකාය සිද්ධිය වූ ප්රදේශයෙන් මුදා ගත් පිලිපීන කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනෙකු භාරදීම සාර්ථකව සිදු කරන ලදී. අදාළ භාණ්ඩ ප්රවාහන නෞකාව අනතුරට ලක් වීමත් සමග චීන වෙරළාරක්ෂක බලකාය විසින් විපතට පත්ව සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත මානුෂීය ආධාර සැපයීම සඳහා වහාම යාත්රා පිටත් කර යැවූ අතර,සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ද අඛණ්ඩව සිදු කරයි.