APEC, ජී20, බ්‍රික්ස් ඇතුළු ජාත්‍යන්තර යාන්ත්‍රණ හා සංවිධාන තුළ, හරිත සංවර්ධනය පිළිබඳව පුළුල් සාකච්ඡා පවත්වමින් ඒ හා සම්බන්ධ සැකසුම් හා අත්දැකීම් බෙදා ගැනීමට චීනය සක්‍රිය ලෙස කටයුතු කරන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.
චීනය විසින් ඉදිරිපත් කෙරුණු ‘ඩිජිටල් ආර්ථිකය හා හරිත සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ සහයෝගිතා රාමුවේ යෝජනාව’ සඳහා 50කට වැඩි ආර්ථික ඒකකයන් හි සක්‍රිය ප්‍රතිචාර ලැබී ඇතැයි චීන උප වාණිජ ඇමති Li Chenggang මහතා රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය අද(31) පැවැත්වූ මාධ්‍ය හමුවක දී පැවසීය. පුළුල් ජනප්‍රියත්වයක් හිමි මෙම යෝජනාවට වඩාත් වැඩි රටවල් එක් කර ගනිමින් එය ක්‍රියාවට නැංවීම තහවුරු කිරීමට චීනය අඛණ්ඩ ව ක්‍රියා කරන බව ද ඔහු කියා සිටියේය.