චීනය ගෝලීය මානව හිමිකම් පාලනය වැඩිදියුණු කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට සූදානම්

චීනය ගෝලීය මානව හිමිකම් පාලනය වැඩිදියුණු කිරීමට සහ ජාත්‍යන්තර මානව හිමිකම් කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු රටවල් සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන විදේශ අමාත්‍ය Wang Yi  මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 61 වන සැසිවාරයේ උසස් මට්ටමේ සංවාදයකට වීඩියෝ ආකාරයෙන් එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. 

වර්තමාන ජාත්‍යන්තර තත්ත්වය සංකීර්ණ සහ එකිනෙකට සම්බන්ධිත බවත්, ගෝලීය මානව හිමිකම් පාලනය සහ දෙවන ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර පිළිවෙල වර්තමානයේ විවිධ පරීක්ෂාවන්ට ලක් වන බවත් ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම චීනය යෝජනා කළ ගෝලීය කළමනාකරණ මුලපිරුම සඳහා මේ වනවිට රටවල් 150 කට වැඩි ගණනක සහ ජාත්‍යන්තර සංවිධානවල සහාය ලැබී ඇතැයි ඔහු පැවසීය.‍

රටක නිශ්චිත ජාතික තත්ත්වයන්ට අනුව සැකසුණු සහ එහි ජනතාවගේ අවශ්‍යතාවලට ගැළපෙන මානව හිමිකම් සංවර්ධන මාවතකට පමණක් පුළුල් අපේක්ෂාවන් කරා යොමු විය හැකි බව Wang Yi  මහතා මෙහිදී පෙන්වා දුන්නේය. සියලු රටවල් අන් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ මූලික රීතිය ආරක්ෂා කළ යුතු අතර, මානව හිමිකම් මුවාවෙන් ද්විත්ව ප්‍රමිතීන් යටතේ කටයුතු කිරීම දැඩිව ප්‍රතික්ෂේප කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.