චීනයේ නව සන්නිවේදන තාක්ෂණ පරීක්ෂණ චන්ද්‍රිකාවක් සාර්ථකව ගුවන්ගත කෙරේ.
චීන වේලාවෙන් ඊයේ (23) රාත්‍රී 22:30 ට, වෙන්ඡාන්ග් චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ Long March-5 ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් අංක-20 දරණ මෙම සන්නිවේදන තාක්ෂණ පරීක්ෂණ චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කෙරිණ. අනතුරුව චන්ද්‍රිකාව නියමිත පරිදි කක්ෂයට ඇතුළු වීමත් සමඟ එම මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක වී ඇත.
මෙම සන්නිවේදන තාක්ෂණ පරීක්ෂණ චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් බහු ජාල සහ අධිවේගී සන්නිවේදන තාක්ෂණයන් සත්‍යාපනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය.
මෙය Long March ප්‍රවාහක රොකට්ටුවල 602 වන ගුවන් ගමන ය.