
රාජ්‍ය පරිපාලනය රටක සංවර්ධනයට තීරණාත්මක සාධකයකි. චීන පාලක කොමියුනිස්ට් පක්ෂය රට සවිබලගැන්වීමේ අරමුණින් පස්වැදෑරුම් සංවර්ධන සැකැස්මක් සකස් කළේය. ඒ 2012 වසරේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික කොංග්‍රසයේදී ය. චීනය නවීකරණයට රැගෙන යාමේදී ඒක මාන ආර්ථික වර්ධන ආකෘතිය බිඳ දමමින් නවීකරණය සමස්ත පිරිසැලසුම ලෙස සලකා බැලීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දී තිබිණ. ඒ අනුව ආර්ථික , දේශපාලන, සංස්කෘතික, සමාජීය හා ජෛව පද්ධතිය යන අංග පහ මූලික කරගෙන චීන රජය පස්වැදෑරුම් සංවර්ධන සැකැස්ම නියම කර ඇත.


එම සැකැස්ම උස් ගසක් බඳු ය. ආර්ථික සංවර්ධනය යනු පසෙහි මුල් බැසගත් මූල පද්ධතියයි. පසෙහි පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කරගැනීම සඳහා කර්මාන්ත හා විද්‍යා තාක්ෂණය එම මූල පද්ධතියට සහායක අඩිතාලමක් සපයා දෙයි. දේශපාලන සංවර්ධනය යනු ක්‍රම හා නීතියේ පාලනය මගින් වර්ධන දිශානතිය සහතික කරන ලද ගසේ කඳ වේ. සංස්කෘතික සංවර්ධනය අතු හා කොළ වැනි ය. රටක අධ්‍යාත්මික ශක්තිය වැඩීම සඳහා සංස්කෘතික උරුමයන් හා වටිනාකම් වැදගත් ය. සාමාජීය සංවර්ධනය එම ගසෙහි ඵලය වේ. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි ජනතාවගේ අවශ්‍යතාවන්ට අදාළව සංවර්ධන ජයග්‍රහණ ඵලයන්හි මිහිරි රස විඳීමට මහජනතාවට ඉඩ සැලසේ. ජෛව පද්ධති සංවර්ධනය යනු ගසෙහි මූලය පෝෂණය කරන පස ය. එම පස ගසෙහි වර්ධනය සඳහා දිගුකාලීන රුකුලක් ලබා දෙයි.


චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ පාලක කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව මෙම පස්වැදෑරුම් සංවර්ධන සැකැස්ම සකස් කර ඇත්තේ වසර 5000කට හිමිකම් කියන චීන සාම්ප්‍රදායික සංස්කෘතික සාරයන්ගෙන් පෝෂණ ලබාගනිමිනි. සාම්ප්‍රදායික චීන සංස්කෘතියට අනුව විවිධ දේ අතර එකිනෙකා වශයෙන් සම්බන්ධ වන බැවින් එම දේ අතර සුසංගත වීම අගනා ය.එසේ ම මිනිසා සහ සොබාදහම අතර ද සුංසගතභාවය තිබිය යුතු ය. ජනතාව තිරසර රාජ්‍ය පරිපාලනයේ තීරණාත්මක සාධකයක් හෙයින් ජනතාව කේන්ද්‍රගත රාජ්‍ය පරිපාලනයේ වැදගත්කම හා වටිනාකම, මෙම පස්වැදෑරුම් සංවර්ධන සැකැස්ම තුළින් ද ඉස්මතු වේ.
