“චීනය පිළිබඳව අවබෝධ කරගැනීමේ”2024 Guangzhou සමුළුවට චීන ජනපතිගෙන් සුබ පැතුම්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා “චීනය පිළිබඳව අවබෝධ කරගැනීමේ” 2024 Guangzhou සමුළුවට අද(03) සුබ පැතුම් පණිවුඩයක් යොමු කළේය.

එහිදී හෙතෙම පෙන්වා දුන්නේ චීනය පිළිබඳව නිවැරදිව අවබෝධ කරගැනීමේදී ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තහවුරු කිරීම හා චීන මාදිලියේ නවීකරණය පිළිබඳව ප්‍රත්‍යක්ෂ කර ගැනීම අත්‍යවශ්‍ය වන බවයි. උසස් මට්ට‍මේ සමාජවාදී වෙළඳ ආර්ථික ක්‍රමය ගොඩනැගීම, විවෘතභාවය ක්‍රමයෙන් පුළුල් කිරීම මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ආර්ථික හා වෙළඳ රෙගුලාසීන්ට අනුව ක්‍රියා කරමින් චීනය සක්‍රිය ලෙස විනිවිද, ස්ථාවර මෙන්ම පුරෝකථන ක්‍රම සහිත පරිසරයක් බිහි කරයි. චීන මාදිලියේ නවීකරණය ඔස්සේ සුන්දර ජීවිතයක් පිළිබඳ බිලියන 1.4ක චීන ජාතිකයන්ගේ අපේක්ෂාවන් සපුරාලීම පමණක් නොව ලෝක සාමය හා සංවර්ධනය වෙනුවෙන් වඩාත් වැඩි දායකත්වයක් ලබා දිය  හැකි බව ෂී ජින්පිං මහතා එම පණිවිඩයෙන් අවධාරණය කළේය.

“චීනය පිළිබඳව අවබෝධ කරගැනීමේ” 2024 Guangzhou සමුළුව චීන ජාතික නිර්මාණශීලි හා සංවර්ධන උපායමාර්ගික පර්යේෂණ ආයතනය, චීන මහජන විදේශ කටයුතු ආයතනය හා Guangdong පළාත් ආණ්ඩුව එක්ව සංවිධාන කරයි. “ප්‍රතිසංස්කරණ අවසානය දක්වා ගෙන යන්න — චීන මාදිලියේ නවීකරණය සහ ලෝක සංවර්ධනය සඳහා නව අවස්ථා” යන්න මෙවර සමුළුවේ තේමාවයි.