චීනය සමග හුවමාරු හා සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කරන බවට යුක්රේන ජනපතිගෙන් ප්‍රකාශයක්

චීනය සමග හුවමාරු හා සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කරන බව යුක්රේන ජනාධිපතිවරයා පවසයි. 

යුක්රේනයේ අගනුවර වන Kiev හිදී යුක්රේන ජනාධිපති Volodymyr Zelensky මහතා ඊයේ(23) යුක්රේනයේ නව චීන තානාපති Ma Shengkun මහතාගේ අක්තපත්‍ර භාර ගැනීමේ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.

චීන-යුක්රේන සබඳතාවේ විධිමත් සංවර්ධන ප්‍රවණතාව සක්‍රිය ලෙස අගය කරමින් චීනයේ ඒ ඒ මට්ටම අතර හුවමාරු ශක්තිමත් කර ආර්ථීක, වෙළඳාම හා මානව යන ක්ෂේත්‍රවල සහයෝගිතා දියුණු කිරීමට යුක්රේනය කැමැත්තෙන් සිටින බවද හෙතෙම පැවසීය. 

චීනය හා යුක්රේනය උපායමාර්ගික හවුල්කාරීත්වයෙන් යුත් රටවල් දෙකක් බවත් චීනය සෑමවිටම දිගුකාලීන දැක්මකින් යුක්රේනය සමග සබඳතාව පිළිබඳව සලකා බලමින් අදාළ සැලසුම් සම්පාදනය කරන බවත් යුක්රේනයේ නව චීන තානාපතිවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම චීනය යුක්රේනය සමග එක්ව දෙරට නායකයන්ගේ වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කරමින් ඒ ඒ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගත හැකි සහයෝගිතා ශක්තිමත් කිරීමෙන්, ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් සංවර්ධනය කර දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කර ඇත.