චීනය සමඟ සහයෝගිතා පුළුල් කරමින් උපායමාර්ගික හවුල්කාරිත්වය නව තලයකට ගෙන යාමට ටර්ක්මෙනිස්තානයත් කිර්ගිස්තානයත් සූදානම්

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ චෙන්ග්ඩු නගරයේදී ටර්ක්මෙනිස්තාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Rashid Meredov මහතා හමු විය.  

ටර්ක්මෙනිස්තානය චීනයේ හොඳ සහෝදරයෙකු සහ හවුල්කරුවෙකු බව සඳහන් කළ වැන්ග් යී මහතා පැවසුවේ දෙපාර්ශ්වය සාම්ප්‍රදායික මිත්‍රත්වය දිගටම පවත්වා ගෙන යා යුතු බවත්, දෙරටේ නායකයින් ඇති කර ගත් වැදගත් එකඟතාව ක්‍රියාත්මක කළ යුතු බවත්ය.

එහිදී එකිනෙකාගේ මූලික අවශ්‍යතා සම්බන්ධ ගැටළුකාරී තත්ත්වයන්හි දී එකිනෙකාට ස්ථිරව සහාය දිය යුතු බවත්, පුළුල් කිරීමේ නව අදහස් ගවේෂණය කළ යුතු බවත් චීන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පස්වන චීන – මධ්‍යම ආසියා විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීමට පැමිණ සිටින ටර්ක්මෙනිස්තාන නායකයා මෙම හමුවේ දී අවධාරණය කර සිටියේ, චීනය සමඟ ස්ථිර මිත්‍රත්වයට අනුගත වන අතර චීනය සමඟ සමීප ඉහළ මට්ටමේ ස්ථිර  හුවමාරු පැවැත්වීමට ද කැමැත්තෙන් පසුවන බවයි.

මේ අතර, චීන විදේශ අමාත්‍යවරයා කිර්ගිස්තාන විදේශ කටයුතු අමාත්‍ය Kulubaev Zheenbek Moldokanovich මහතා ද හමු විය.

දෙරට අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීත්වයේ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාමටත්, උපායමාර්ගික විශ්වාසය ගැඹුරු කිරීමටත්, වාසිදායක සහයෝගීතාවන් පුළුල් කිරීමට සහ නව යුගයක් සඳහා චීන-කිර්ගිස්තාන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය නව තලයකට ගෙන යන ලෙසත් වැන්ග් යී මහතා මෙහිදී ඉල්ලා සිටියේය. 

එහිදී අදහස් දැක්වූ කිර්ගිස්තාන විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ, චීනය සමඟ ඉහළ මට්ටමේ හුවමාරුවල මීළඟ අදියර සඳහා සූදානම් වීමටත්, ඉහළ මට්ටමේ උපාය මාර්ගික සංවාද යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටත්, විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමටත් තම රට බලාපොරොත්තු වන බවයි.