චීනය සහ ජර්මනිය ප්‍රධාන රටවල් ලෙස වඩාත් ස්ථාවර ද්විපාර්ශ්වික ප්‍රතිපත්ති රාමුවක් සඳහා වගකීම් භාර ගත යුතුයි-චීනය

චීනය සහ ජර්මනිය ප්‍රධාන රටවල් ලෙස තම වගකීම් ඉටු කළ යුතු අතර අන්‍යෝන්‍ය ගෞරවය ආරක්ෂා කරමින් සමාජ පද්ධති,  ඓතිහාසික පසුබිම් සහ සංස්කෘතින්හි වෙනස්කම් ඉක්මවා යායුතු බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා පවසයි. අන්‍යෝන්‍ය වශයෙන් ධනාත්මක වඩාත් පරිණත ආකෘතියක් සහ වඩාත් ස්ථාවර දිවිපාර්ශ්වික ප්‍රතිපත්ති රාමුවක් ගොඩනගා ගත යුතු බව ඔහු පැවසුවේ ඊයේ(8) බෙයිජිංහිදී ජර්මානු විදේශ අමාත්‍ය Johann Wadephul මහතා හමු වූ අවස්ථාවේදීය.

ජර්මනිය චීනයේ සංවර්ධනය සඳහා ගැඹුරු සහයෝගීතාවයකට අවස්ථාවක් මෙන්ම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රාහී ප්‍රතිඵල සඳහා ගාමක බලවේගයක් ලෙස සලකන බවද වැන්ග් යී මහතා සඳහන් කළේය. චීන-ජර්මනි සර්ව සම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ ස්ථාවර හා සෞඛ්‍ය සම්පන්න සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජර්මනිය එක්ව කටයුතු කරනු ඇති බව චීනයේ අපේක්ෂාවයි.

යුරෝපා සංගමය තාර්කික හා ප්‍රායෝගික චීන ප්‍රතිපත්තියකට නැවත පැමිණීමට, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවයේ නිවැරදි දිශාවට අනුගත වීමට, සංවාදය හරහා වෙනස්කම් විසඳීමට දිරිමත් කරන ලෙස ඔහු ජර්මනියෙන් ඉල්ලා සිටී. එ‍මෙන්ම ආර්ථික ගැටලු දේශපාලනීකරණය කොට, වෙළඳ ගැටලු උපක්‍රමශීලීව යොදා ගනිමින් සාමාන්‍ය සහයෝගීතාවය සුරක්ෂිත කිරීමට ඉඩ නොදීම දිරිමත් කරන ලෙස ද වැන්ග් යී මහතා ජර්මනියෙන් තවදුරටත් ඉල්ලීමක් කළේය.

Johann Wadephul මහතා සඳහන් ‍කළේ කැළඹිලි සහගත ගෝලීය භූ දර්ශනයක් හමුවේ ජර්මනිය සහ චීනය විශේෂ වගකීම් භාර ගනිමින්, සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කොට එකිනෙකාට විශ්වාසදායක හවුල්කරුවන් වීම අවශ්‍ය බවයි.

එකම චීනය ප්‍රතිපත්තිය වෙනස් නොවන්නක් වන අතර ජර්මනිය ඊට තදින් අනුගත වේ.

චීනය තුළ ජර්මානු ව්‍යවසායන් චීන වෙළඳපළ කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇති අතර රට තුළ ඔවුන්ගේ පැවැත්ම තවදුරටත් ගැඹුරු කිරීමට කැමැත්තෙන් සිටින බව ද Wadephul මහතා සඳහන් කළේය.

ජර්මනිය යුරෝපා සංගමයට සහ චීනයට අන්‍යෝන්‍ය සහ ජයග්‍රාහී ප්‍රතිඵල ගෙන දීමට සහාය වන බවත් ඒ වෙනුවෙන් ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට සූදානම් බවත් ඔහු පැවසීය.

සාමයට හිතකර සියලු උත්සාහයන්ට චීනය සහාය දක්වන අතර මෙම සංවාදය සහ සාකච්ඡා හරහා සාධාරණ, කල් පවතින සාම ගිවිසුමකට එළඹිය යුතු බව අවධාරණය කළ වැන්ග් යී මහතා චීනයේ ස්ථාවරය නැවත තහවුරු කළේය.