චීනය සහ රුසියාව අතර නැගෙනහිර මාර්ගයේ ස්වාභාවික ගෑස් නල මාර්ගය සම්බන්ධ කිරීම සම්පූර්ණයි

චීනයේ විශාලතම තනි රේඛීය ගෑස් සම්ප්‍රේෂණ ධාරිතාව සහිත නල මාර්ගය වන චීන-රුසියා නැගෙනහිර මාර්ගයේ ස්වාභාවික ගෑස් නල මාර්ගය සම්පූර්ණයෙන්ම සම්බන්ධ කර ඇති බව නල මාර්ගයේ ක්‍රියාකරු ඊයේ (2) නිවේදනය කළේය.

PipeChina හෙවත් චීන තෙල් සහ ගෑස් නල ජාල සංස්ථාවට අනුව වාර්ෂික සම්ප්‍රේෂණ පරිමාව ඝන මීටර් බිලියන 38ක් සමඟින් නල මාර්ගය සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වී තිබේ.

චීන-රුසියා බලශක්ති සහයෝගීතාවයේ සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස සැලකෙන  මෙම දේශසීමා ගෑස් නල මාර්ගය, රුසියාවේ කිලෝමීටර් 3,000 ක්  සහ චීනයේ කිලෝමීටර 5,111 ක දුරකින් සමන්විතය.

නල මාර්ගයේ චීන කොටස රුසියාවට මායිම්ව රටේ ඊසාන දෙසින් පිහිටි නගරයක් වන Heihe හි දී ආරම්භ වේ. එමගින් සයිබීරියාවේ දකුණේ සිට චීනයේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රස්ථානය වන ෂැංහයි දක්වා ස්වභාවික වායු ප්‍රවාහනය කෙරේ. එය රටේ නැගෙනහිර බලශක්ති උපාය මාර්ගික කොරිඩෝව නිම කිරීම සනිටුහන් කරන බව PipeChina සංස්ථාව ප්‍රකාශ කර ඇත.

2019 වසරේ දෙසැම්බර් මස චීන උතුරු කොටසේ නල මාර්ගය ක්‍රියාත්මක වූ දා සිට ස්වාභාවික වායු ඝන මීටර් බිලියන 80 කට වඩා සම්ප්‍රේෂණය කර ඇති අතර, එහි ගමන් මාර්ගය ඔස්සේ මිලියන 450 ක පමණ පිරිසකට ප්‍රතිලාභ හිමි විය.

චීන-මධ්‍යම ආසියාව සහ චීන-මියන්මාර තෙල් හා ගෑස් නල මාර්ග අනුගමනය කරමින් ඉදිකරන ලද මෙය චීනයට ගෑස් සපයන තුන්වන හරස් දේශසීමා දිගු දුර ස්වභාවික ගෑස් නල මාර්ගයයි.