චීනය සිය Chang’e-7 අභ්‍යවකාශ යානය 2026 වසරේදී දියත් කිරීමට සැරසේ.

2024 දී, චීනයේ Chang’e-6 අභ්‍යවකාශ යානය චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශයේ සාම්පල ගෙන පෘථිවියට රැගෙන යාමේ ප්‍රථම මානව ජයග්‍රහණය සම්පූර්ණ කර ඇත. මෙම වසරේ, චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ සිව්වන අදියරේ Chang’e-7 සහ Chang’e-8 අභ්‍යවකාශ යානා පර්යේෂණ හා නිෂ්පාදන කටයුතු ද ක්‍රමානුකූලව ප්‍රවර්ධනය කෙරෙනු ඇත.

Change-7 අභ්‍යවකාශ යානය 2026 දී දියත් කිරීමට සැලසුම් කර ඇති අතර, එය චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයෙහි ජලය සහ අයිස් පැවතීම පිළිබඳ ගවේෂණ වෙනුවෙන් ක්‍රියාත්මක වනු ඇති. ඊට අමතරව,විද්‍යාත්මක පර්යේෂකයෝ දැනට Change-8අභ්‍යවකාශ යානය සහ ජාත්‍යන්තර චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානය ආශ්‍රිත මෙහෙයුම්වල සත්‍යාපනය ප්‍රවර්ධනය කරමින් සිටිති.