චීනය හා ඇමරිකාව සමානාත්මතාවය, ගෞරවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පදනම්ව සාකච්ඡා කිරීම තුළින් අදාළ ගැටළු විසඳා ගත යුතුය-චීනය

චීනය හා ඇමරිකාව සමානාත්මතාවය, ගෞරවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පදනම්ව සාකච්ඡා කිරීම තුළින්  අදාළ ගැටළු විසඳා ගත යුතු බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා ප්‍රකාශ කරයි.  ඔහු එසේ ප්‍රකාශ කළේ බෙයිජිංහි 20 වනදා නිත්‍ය මාධ්‍ය හමුවේදීය.  

වාර්තාවලට අනුව චීනය සහ ඇමරිකාව සාකච්ඡා මේසයට නැවත පැමිණෙන බවත් , චීනය සමඟ සම්බන්ධ ප්‍රධාන කරුණු තුන ලෙස දුර්ලභ පස්, ෆෙන්ටැනයිල් සහ සෝයා බෝංචි යන්න ඇමරිකාව ලැයිස්තුගත කර තිබෙන බවත් වාර්තාකරුවෙක් සඳහන් කළේය. මේ පිළිබඳ චීනයේ ස්ථාවරය ඔහු විමසීය.

චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ ගැටළු සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය ස්ථිර සහ පැහැදිලි බව Guo Jiakun මහතා ඒ සඳහා පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය. තීරුබදු යුද්ධයක් හෝ වෙළඳ යුද්ධයක් දෙපාර්ශ්වයේම ප්‍රතිලාභයට කිසිසේත් නොගැළපේ. එබැවින් සමානාත්මතාවය, ගෞරවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පදනම්ව සාකච්ඡා කිරීම තුළින් දෙපාර්ශ්වය අදාළ ගැටළු විසඳා ගත යුතු බව ද ඔහු පෙන්වා දී තිබේ.