චීනය Chinasat-9C චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශගත කරයි

චීනයේ නවතම චන්ද්‍රිකාවක් වන Chinasat-9C චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශගත කෙරේ.

චීනයේ ෂිඡං චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ Long March 3B ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් ඊයේ (20) 20:37ට, Chinasat-9C චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කෙරිණ. චන්ද්‍රිකාව නියමිත පරිදි කක්ෂයට ඇතුළු වී ඇති අතර අභ්‍යවකාශ මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක වී තිබේ.

ගුවන්විදුලි හා රූපවාහිනි තාක්ෂණය හා සම්බන්ධ කළ හැකි සජීවී විකාශන චන්ද්‍රිකාවක් ලෙස, Chinasat-9C චන්ද්‍රිකාව කලාපීය ආවරණය සහ අනෙකුත් හැකියාවන් වැඩිදියුණු කර ඇති අතර ඒ හරහා චන්ද්‍රිකා සජීවී විකාශන ව්‍යාපාරය තවදුරටත් තහවුරු කර ඇති බව චීන චන්ද්‍රිකා සන්නිවේදන විශේෂඥයින් හඳුන්වා දී තිබේ. Chinasat-9C චන්ද්‍රිකාව ගුවන් විදුලි හා රූපවාහිනී මහජන සංස්කෘතික සේවා පද්ධතියේ වැදගත් කොටසක් බවට පත්ව ඇතැයි එහි සඳහන් වේ.