දකුණු කොරියාවේ ප්‍රධාන නෞකා ගොඩනැංවීමේ සමාගමක් වන Hanwha Ocean සමාගමට සම්බන්ධ ඇමරිකානු උප සමාගම් 5කට එරෙහි ප්‍රති පියවර වසරක කාලයක් සඳහා අත්හිටවූ බව චීන වාණිජ අමාත්‍යංශය නිවේදනය කරයි. අද (10) සිට එය ක්‍රියාත්මක කෙරේ.
චීන නාවික,භාණ්ඩ මෙහෙයුම් හා නෞකා ගොඩ නැංවීමේ අංශ සම්බන්ධයෙන් 301වන පරීක්ෂණය ක්‍රියාත්මක කිරීම වසරක කාලයක් සඳහා අත්හිටුවීමට ඇමරිකාව පියවර ගැනීමෙන් පසු චීනය මෙම තීරණයට එළඹ තිබේ.