චීනයේ නව චන්ද්‍රිකාවක් වන Tianlian II-05 චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශගත කෙරේ.
චීනයේ ෂිඡං චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ Long March 3B ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් ඊයේ (27) 23:54ට, Tianlian II-05 චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කෙරිණ. චන්ද්‍රිකාව නියමිත පරිදි කක්ෂයට ඇතුළු වී ඇති අතර අභ්‍යවකාශ මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක වී තිබේ.
Tianlian II-05 චන්ද්‍රිකාව යනු, ස්ථාවර නොවන චන්ද්‍රිකා හෝ වාහන සමඟ සෘජුවම සන්නිවේදනය කළ නොහැකි තොරතුරු සම්ප්‍රේෂණය කරනු ලබන චීනයේ දෙවන පරම්පරාවේ චන්ද්‍රිකාවයි. එය ප්‍රධාන වශයෙන් අභ්‍යවකාශ නැව් සහ අභ්‍යවකාශ මධ්‍යස්ථාන වැනි මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා සහ මධ්‍යම හා පහළ පෘථිවි-කක්ෂ සම්පත් චන්ද්‍රිකා සඳහා දත්ත සම්ප්‍රේෂණය සහ මිනුම් හා පාලන සේවා ලබා දීමට නියමිතය.
මෙය Long March ප්‍රවාහක රොකට් යානාවන් හි 572 වන ගුවන් ගමන ය.