චීන අග්‍රාමාත්‍යවරයා ආසියාන් සංගමය සහ චීනය, ජපානය, දකුණු කොරියාව අතර 28 වැනි නායක සමුළුවට සහභාගී වේ

චීන අගමැති Li Qiang මහතා ආසියාන් සංගමය සහ චීනය, ජපානය, දකුණු කොරියාව අතර 28 වැනි නායක සමුළුවට(10+3) සහභාගී වෙයි. එම සමුළුව අද (27) මැලේසියාවේ Kuala Lumpur හිදී පැවැත්විණ.

Li Qiang මහතා පළමුව ටිමෝරය-ලෙස්ටේ ආසියාන් සංගමයට නිල වශයෙන් සම්බන්ධ වීම පිළිබඳව සුබ පැතුම් පිරිනමා ඇත. පසුගිය වසර පුරාවට ආසියාන් සංගමය සහ චීනය, ජපානය, දකුණු කොරියාව අතර සහයෝගීතාව ධනාත්මක ගම්‍යතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවත්, එයින් නැගෙනහිර ආසියානු ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ජීව ශක්තිය පෙන්නුම් කරන බවත් ඔහු පැවසීය.

විවිධ පාර්ශ්වයන් සමග සංවර්ධන උපායමාර්ගික සම්බන්ධ ශක්තිමත් කිරීමට, විවෘතභාවය සහ සහයෝගීතාවයට අනුගත වීමට, ආර්ථික විභවය අඛණ්ඩව මුදා හැරීමට සහ පුළුල් සංවර්ධන අවකාශයක් විවෘත කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Li Qiang මහතා පෙන්වා දුන්නේය. එහිදී ඔහු යෝජනා තුනක් ඉදිරිපත් කළේය. පළමුවැන්න, කලාපීය සංවර්ධනයට හිතකර යහපත් පරිසරයක් නිර්මාණය කිරීමයි. දෙවැන්න, කාර්මික දාමයේ සහ සැපයුම් දාමයේ සහයෝගීතාව ගැඹුරු කිරීමයි. තුන්වැනි යෝජනාව නම් නව සංවර්ධන ගම්‍යතාව ඒකාබද්ධව ව්‍යාප්ත කිරීම සහ පුළුල් කිරීමයි.

විවිධ පාර්ශ්වයන් තවදුරටත් එක්සත් වී සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් කලාපීය ප්‍රජාව පිළිබඳ චින්තනය ශක්තිමත් කළ යුතු බවත් සමුළුවට සහභාගී වූ රටවල නායකයින් පැවසීය. එමෙන්ම, සාමකාමී හා ස්ථාවර පරිසරයක් සහ බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියක් පවත්වා ගත යුතු අතර නවෝත්පාදනය, සාධාරණ සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බව ද ඔවුහු ප්‍රකාශ කළහ.

සමුළුවේදී “කලාපීය ආර්ථික හා මූල්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ ආසියාන් සංගමයේ සහ චීන, ජපාන, දකුණු කොරියානු නායකයින්ගේ ප්‍රකාශය” ද එහි දී නිකුත් කෙරිණ.