චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ඊයේ (22)විශේෂ ගුවන් යානයකින් නිව්යෝක් නගරය වෙත පිටත් විය. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 80 වන සැසිවාරයේ සාමාන්‍ය විවාදය හා උසස් පෙළේ ක්‍රියාකාරකම්වලට හෙතෙම එක්වනු ඇත.
නිව්යෝර්ක් වේලාවෙන් ඊයේ පස්වරුවේ ලී ච්‍යං මහතා නිව්යෝක් හි John F. Kennedy ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා විය. එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා, ඇමරිකාවේ චීන තානාපති Xiefeng මහතා ඇතුළු නිලධාරීහූ අග්‍රාමාත්‍යවරයා පිළි ගත්හ.
මෙවර සංචාරය අතරතුර ලී ච්‍යං මහත චීනය විසින් සංවිධානය කරන ලද ගෝලීය සංවර්ධන මුලපිරුම පිළිබඳ උසස් පෙළේ සමුළුව යනාදී ක්‍රියාකාරකම්වලට ද සහභාගී වීමට නියමිතය. එමෙන්ම හෙතෙම එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා මෙන්ම ඇතැම් රටවල නායකයන් සමග හමුවීම් රැසක් පවත්වනු ඇත.