චීන ආර්ථිකය ගෝලීය ආර්ථිකය මෙහෙයවන ස්ථාවර ප්‍රභවයක් බවට පත්ව ඇත

චීන ආර්ථිකයේ ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව හා සංවර්ධන විභවය ලෝක ආර්ථිකය මෙහෙයවන “ස්ථාවරත්වයේ ප්‍රභවයක්” බවට පත්ව ඇත.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශ Guo Jiakun මහතා අද (20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

සංකීර්ණ බාහිර පරිසරයක් හමුවේ වුවද චීන ආර්ථිකය දැඩි පීඩනයක් යටතේ ඉදිරියට වර්ධනය වෙමින්, ස්ථාවර ප්‍රගතියක් ලබා ඇති අතර එහිදී ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාවක් සහ සංවර්ධන විභවයක් පෙන්නුම් කර ඇතැයි Guo Jiakun මහතා කියා සිටියේය.

ලෝක බැංකව නිකුත් කළ වාර්තාවකට අනුව, 2025 වසර ආරම්භයේ දී චීන ආර්ථිකය ස්ථීර වර්ධනයක පවතින අතර ගෝලීය වෙළඳාමේ අවිනිශ්චිතභාවයට මුහුණ දීම සඳහා චීන රජය සිය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කොට තිබේ. එසේම මෑතකදී, JPMorgan Chase සහ Goldman Sachs වැනි ජාත්‍යන්තර ආයතන ද චීනයේ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉහළ නංවා තිබේ.

ඒ සම්බන්ධයෙන් Guo Jiakun මහතා පෙන්වා දුන්නේ,  චීනය විවෘතභාවය අඛණ්ඩව පුළුල් කරමින් නව අවස්ථා ලබා දෙනු ඇති අතර තමන්ගේම ස්ථාවර සංවර්ධනය තුළින් විවිධ රටවල පොදු සංවර්ධනයට ශක්තිමත් ජවයක් ලබා දෙනු ඇති බවයි.