2025 වසරේ මුල් භාගයේ චීන ආර්ථිකය සියයට 5.3කින් වර්ධනය වී ඇති බව චීන රජය ඊයේ (15) ප්‍රකාශ කළේය. එම ආර්ථික දත්ත ජාත්‍යන්තර මාධ්‍ය වල ඉහළ ප්‍රශංසාවට ලක්ව ඇත.
5.3%ක වර්ධන අනුපාතය, ගෝලීය ආර්ථික ඒකකයන් අතරින් ඉහළ අගයකි. චීන ආර්ථිකය යහපත් ප්‍රවණතාවක පවතින බව ඉන් පිළිබිඹු කෙරේ. මේ අතර මෑතකදී බොහෝ ජාත්‍යන්තර ආයතන චීන ආර්ථික වර්ධන අපේක්ෂාව ඉහළ නංවා ඇත. චීන ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් තුළ පවතින විශ්වාසය ඉන් පෙන්නුම් කෙරේ.
මේ වසරේ චීන විරැකියා අනුපාතය ස්ථීර තත්ත්වයක පවතින අතර භාණ්ඩ මිල පහළ මට්ටමේ පවතී. එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් චීනයේ ආදායම් සහ වියදම් මූලික වශයෙන් සමබර තත්ත්වයේ පවතී. චීන ආර්ථිකයේ ස්ථාවරත්වය වෙනස් නොවන බව ඉන් පැහැදිලි ය. මේ වසරේ ආර්ථික සංවර්ධන ඉලක්කය සාක්ෂාත් කිරීමට එය ප්‍රබල පදනමකි.
ඊට අමරතව නව ගාමක බලවේග අඛණ්ඩව වර්ධනය වෙමින් නව ගුණාත්මක ඵලදායිතාව වේගවත්ව ඉහළ නංවා ඇත. මේ වසරේ මුල් භාගයේ අධි තාක්ෂණ කර්මාන්ත අංශයේ එකතු කළ අගය පසුගිය වසරේ එම කාලසීමාවට වඩා සියයට 9.5කින් වැඩි වී ඇති අතර නිර්මාණශීලි ප්‍රතිඵල භාවිතයට යෙදීමෙන් අදාළ කර්මාන්ත වර්ධනය තහවුරු කර තිබේ.
තීරු බදු සටන් ඇතුළු විදෙස් බාධා හමුවේ චීන ආර්ථිකය ප්‍රබල ශක්‍යතාවක් දක්වා තිබේ. මේ වසරේ මුල් භාගයේ චීන භාණ්ඩ වෙළඳ ආනයන හා අපනයන ප්‍රමාණය චීන යුවාන් ට්‍රිලියන 21.7කට වැඩි ය. එය පසුගිය වසරේ අගයට සාපේක්ෂව සියයට 2.9ක වර්ධනයකි.
චීන ආර්ථිකයේ ස්ථාවරත්වය හා විවෘත වීමේ අධිෂ්ඨානය මගින් අනාගතයේ දී චීනය තවදුරටත් ලෝක ආර්ථිකය ප්‍රවර්ධනය කරන ඒන්ජිම වන අතර චීනය සමග ගමන් කිරීමේදී සංවර්ධන අවස්ථා ලබා ගත හැකි බව ද ඉන් ලෝකයට පණිවිඩයක් ලබා දෙයි.