චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (04) රාත්‍රියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ දුරකථන සංවාදයකට එක් විය.
චීන-ඇමරිකානු සබඳතාව සඳහා තමා ඉතා වැදගත්කමක් ලබා දෙන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. ඕනෑම අයෙක් තම වචනයට සත්‍යවාදී විය යුතු අතර, තම කාර්යයන් තුළ අධිෂ්ඨානශීලී විය යුතුය. සමානාත්මතාවය, ගරුත්වය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සැලසීම මත දෙරට එක්ව ක්‍රියා කරන්නේ නම්,තම රටෙහි අවධානයට ලක්වූ ගැටළු සඳහා විසඳුම් හඳුනා ගත හැකි ය. මෙම වසර තුළ,දෙරටට ප්‍රධාන න්‍යාය පත්‍ර රැසක් ඇත. චීනයේ“15 වන පස් අවුරුදු සැලැස්ම”ක්‍රියාත්මක කිරීමේ ආරම්භක වසර මෙම වසර සනිටුහන් කරයි. ඇමරිකාව,රටක් ලෙස ස්ථාපිත කිරීමේ 250 වන සංවත්සරය ද මෙම වසරේ යෙදී ඇත. අප දෙදෙනා දෙරටේ නායකයින් ලෙස ඇති කරගත් එකඟතාවයට අනුව,සංවාදය සහ සන්නිවේදනය ශක්තිමත් කළ යුතු අතර,වෙනස්කම් නිසි ලෙස කළමනාකරණය කරමින් ප්‍රායෝගිකව සහයෝගිතා පුළුල් කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය. ප්‍රමාණයෙන් කුඩා වුවද, එය යහපත් ක්‍රියාවක් නම් කළ යුතු අතර, එය වැරදි ක්‍රියාවක් නම් සිදු නොකළ යුතුය. 2026 වසර චීනය සහ ඇමරිකාව යන ප්‍රධාන රටවල් දෙක අතර අන්‍යෝන්‍ය ගෞරවය,සාමකාමී සහජීවනය සමඟින් ජයග්‍රාහී වසරක් බවට පත් කළ යුතු බව ද ෂී ජින්පිං මහතා පවසා ඇත.
තවද, තායිවාන ප්‍රශ්නය චීන-ඇමරිකානු සබඳතාවන්හි වැදගත්ම කාරණය බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය. තායිවානය චීන භූමියක් බවත්,චීනය තම ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කළ යුතු බවත්, කිසිවිටෙකත් තායිවානයට චීනයෙන් වෙන් වීමට ඉඩ නොදෙන බවත්, ඔහු පැවසීය. තායිවානයට අවි විකිණීමේ ගැටලුව සම්බන්ධයෙන් ඇමරිකාව උපරිම සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවත් ජනාධිපති ෂී ජින් පිං අවධාරණය කළේය.
ඇමරිකාවත් චීනයත් අතර සම්බන්ධතාවය ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාව බව ට්‍රම්ප් මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ද්විපාර්ශ්වික සබඳතාවන්හි නව වර්ධනයන් ප්‍රවර්ධනය සඳහා චීනය සමඟ සහයෝගිතාව ශක්තිමත් කිරීමට ඇමරිකාව කැමැත්තෙන් සිටින බව ද ඔහු මෙහිදී පැවසීය. එමෙන්ම තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ සැලකිල්ල පිළිබඳව තමා අවධානය යොමු කරන බවත්,තම ධුර කාලය තුළ ඇමරිකාව සහ චීනය අතර යහපත් සහ ස්ථාවර සම්බන්ධතාවයක් සහතික කිරීම සඳහා චීනය සමඟ සන්නිවේදනය පවත්වා ගැනීමට කැමැත්තෙන් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.