චීන-ඇමරිකානු නායකයින් Busan හමුවේ දී ඇති කරගත් වැදගත් එකඟතාවන් මැනවින් ක්‍රියාත්මක කළ යුතු ය

චීන-ඇමරිකානු නායකයින් Busan හමුවේ දී ඇති කරගත් වැදගත් එකඟතාවන් මැනවින් ක්‍රියාත්මක කිරීමට දෙරටම පියවර ගත යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීනය සිය දුර්ලභ පස් අපනයනය තවදුරටත් අවහිර කළහොත්, චීනයට අමතර තීරුබදු පැනවෙනු ඇති බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා පසුගියදා පැවසීය.

මේ පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පෙන්වා දුන්නේ, චීනයේ දුර්ලභ පස් අපනයන පාලන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, චීනයේ අදාළ පරිපාලන ආයතන ඔවුන්ගේ ස්ථාවරය නැවත නැවතත් පැහැදිළි කර ඇති බවයි. චීනය සහ ඇමරිකාව අතර සංවාදය සහ සහයෝගීතාවය ගැටළු විසඳීමට ඇති නිවැරදි මාර්ගයයි. තර්ජන සහ පීඩනය එල්ල කිරීම එම ගැටළු විසඳීමට උපකාරී නොවන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකාව පැවසුවා ය. එබැවින් වර්තමානයේ ඉතා වැදගත් වන්නේ, චීනය සහ ඇමරිකාව දෙරටේ නායකයින් Busan හමුවේ දී ඇති කරගත් වැදගත් එකඟතාවන් මැනවින් ක්‍රියාත්මක කර, දෙරට අතර ආර්ථික හා වෙළඳ සහයෝගීතාවයට මෙන්ම ලෝක ආර්ථිකයට ද වැඩි ස්ථාවරත්වයක් එක් කිරීම බව Mao Ning මහත්මිය එහිදී වැඩිදුරටත් සඳහන් කළා ය.