චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ උසස් පෙළේ සාකච්ඡා ප්‍රායෝගික ප්‍රගතියක් අත් කර ගනී.
එම සාකච්ඡා පසුගිය 10-11 යන දෙදින ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්විණ.
එම සාකච්ඡා සඳහා එක්වූ චීන පාර්ශ්වයේ ප්‍රධානී, උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා ඊයේ(11) රාත්‍රී චීන නියෝජිත කණ්ඩායම විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී පැවසුවේ දෙපාර්ශ්වය පුළුල් හා සංවර්ධනාත්මක අයුරින් සාකච්ඡා කොට එකඟතාවලට පැමිණ ඇති බවයි. චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කටයුතු සඳහා සාකච්ඡා ක්‍රමවේදයක් ගොඩනැංවීමට දෙපාර්ශ්වය එකඟතාව පළ කළේ යැයි ද ඔහු කීය.
එසේ ම ඇමරිකාව සමග එක්ව, මෙම වසරේ ජනවාරි මස 17 වැනිදා දෙරටේ රාජ්‍ය නායකයන් දුරකථන සංවාදයෙන් එළඹි එකඟතා අනුගමනය කිරීමට චීනය සූදානම් බව ද උප අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. ගැටළු නිරාකරණ ආකල්පයෙන් සමානාත්මතාව මත මතභේද පාලනය කිරීම චීනයේ අපේක්ෂාව ය. සහයෝගිතා පැවැත්වීමෙන් චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සබඳතා නව තලයකට රැගෙන යමින් ලෝක ආර්ථිකයට වඩාත් පුළුල් සවිබලයක් ලබා දීමට ද චීනය සූදානම් බව ද චීන උප අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය.