චීනයේ සහ ඉන්දියාවේ එකඟත්වය මත දෙරට දේශසීමා ප්රශ්නය පිළිබඳ විශේෂ නියෝජිතයින්ගේ 23 වැනි රැස්වීම දෙසැම්බර් 18 වැනිදා බෙයිජිං හි දී පැවැත්වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම කොමිසම් කාර්යාලයේ අධ්යක්ෂ Wang Yi මහතා සහ ඉන්දියාවේ විශේෂ නියෝජිත, ජාතික ආරක්ෂක උපදේශක Shri Ajit Dovalමහතා ඊට එක් වන බව විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(17) පැවසීය.